Friday, April 26, 2024

General line - 0115112241

කබ්රාල් "දේශකීර්ති ලංකාපුත්‍ර" ගෞරව සම්මානයෙන් පිඳුම් ලබයි

එම් එම් පී ජී පෙරේරා/ සජිත් තිලකරත්න




හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ට ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් දේශකීර්ති ලංකාපුත‍්‍ර ගෞරව සම්මානය පිරිනැමීම ඊයේ සිදු කෙරුණා. ඒ, රුවන්වැලි මහා සෑ රදුන් අභියසදීයි. 

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගලහිටියාවේ විමලධම්ම නාහිමියන් විසින්  හිටපු මහ බැංකු අධිපතිවරයා වෙත එහිදී එම ගෞරව සම්මානය පිරිනමනු ලැබුවා. එම අවස්ථාවට රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝ රත්නය එක්ව සිිටියා. 

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී විපක්‍ෂ නායකවරයා උත්සව සභාව ඇමතුවේ මෙලෙසයි.