Saturday, April 27, 2024

General line - 0115112241

නවසීලන්තයට මුල් ඉනිමේ වාසිය හිමිවෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී සිය ඉනිම ශක්තිමත් ස්ථානයකට ගෙන ඒමට නවසීලන්ත පිතිකරුවන් අද (25) සමත් වුණා. දිනය නිමා වනවිට නවසීලන්ත පිළ කඩුලු 05 ක් දැවී ලකුණු 382 ක් රැස්කරගෙන සිටියා. ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 244 ක් රැස් කළා. ඒ අනුව නවසීලන්තය, ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 138 ක් ඉදිරියෙන් සිටිනවා. ඒ, තවත් කඩුලු 05 ක් ද අතැතිවයි. 

නවසීලන්ත ඉනිම ශක්තිමත් කළ ටොම් ලැතම් ලකුණු 154 ක් රැස් කළා. දිනයේ අවසන් භාගයේ වේගවත් පිති හරඹයක නිරත වූ කොලින් ඩී ග්‍රෑන්ඞ්හෝම් හයේ පහර 05 ක් සමඟ නොදැවී ලකුණු 83 ක් රැස් කළා. ශ්‍රී ලංකා පිළට අද දිනයේ දවා ගැනීමට හැකි වුණේ එක් කඩුල්ලක් පමණක්  වීම ද විශේෂත්වයක්. 

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරඟයේ අවසන් දිනය හෙටයි.
...........................................................................

නවසීලන්තය, ශ්‍රී ලංකාවේ පළමු ඉනිම පසු කර යයි

(25-08-2019 15:39)

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය මේ වනවිට ක්‍රියාත්මකයි. සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්තය කඩුලු 04 ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 250 ක්. නවසීලන්තය වෙනුවෙන් ටොම් ලැතම් නොදැවී ලකුණු 144 ක් ලබාගෙන සිටිනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 244 ක් පමණයි. කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වෙනවා.