Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දීය යොවුන් පිළෙන් පාකිස්ථානයට ලකුණු 306 ක ඉලක්කයක්

කසුන් කැලුම්




ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය යොවුන් පිළ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 305 ක් රැස් කිරීමට සමත් වුණා.

අර්ජුන් අසාඞ් ලකුණු 121 ක් සහ ටිලක් වර්මා ලකුණු 110 ක් රැස් කරමින් ඉන්දීය යොවුන් ඉනිම සවිමත් කළා. ලකුණු 306 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන පාකිස්ථාන යොවුන් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර    08 ක් අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 43 ක් ලබා සිටියා.