Saturday, April 27, 2024

General line - 0115112241

සජිත් ඉල්ලුවොත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය ගැන ශ්‍රීලනිපය පැහැදිලි කරයි

කසුන් කැලුම්




ජනාධිපති ධූර අපේක්ෂකත්වයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දක්වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

" ජනාධිපතිවරයාද නැත්නම් වෙනත් අයෙක්ද ඉදිරිපත් කරන්නේ කියන එක දෙවනුවට හිතන්නේ. ඊට කලින් අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා තියෙන්නේ. මොකද අපිට අවශ්‍ය ඕනෑම මොහොතක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පුලුවන්. දැනට පොහොට්ටුව එයාලගේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කරලා තියෙන්නේ. අපි බලනවා සාකච්ජා සුභාවාදී පැත්තට ගන්න. මොකද සන්ධානය ගතවෙලා පෙරමුණක් ලෙස ගොනු වන්නේනම් ඒ නායක මණ්ඩලය සමග එක්ව කටයුතු කරන්න අපි සුදානම්. මොකද එයයි අපේ ප්‍රජාතන්ත්‍රවාදය. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපතිවරණයට තරග කරනවානම් සහය දෙනවා කියලා ජනාධිපතිතුමා කොතැනකදීවත් ප්‍රකාශ කරලා නැහැ. ඒක ස්ථිරවම කිව හැකියි" මන්ත්‍රිවරයා කියා සිටියා.