Friday, April 26, 2024

General line - 0115112241

නව නායකයින් දෙදෙනෙකු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට යයි

කසුන් කැලුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයින් දස දෙනෙකු පාකිස්තානු තරග සංචාරයට සහභාගි නොවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, අකිල ධනංජය සහ තිසර පෙරේරා එම තරග සංචාරයට එක් නොවන බව දැනුම්දී ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (09) නිවේදනය කළේ.

එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙම සංචාරයට සහභාගි නොවීම හේතුවෙන් පාකිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ලහිරු තිරිමාන්න ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප‍්‍රකාශ කළා.

පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා නායකත්වය දසුන් ශානකට ලබාදීමටයි තීරණය කර ඇත්තේ. 

එක්දින තරග 3 කට සහ පන්දුවාර විස්ස තරග 3 කට සහභාගිවීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන 25 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතයි.