Friday, April 26, 2024

General line - 0115112241

යොවුන් ආසියානු කුසලාන ශූරතාවය ඉන්දියාවට

සමන්ත කුමාර




යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩාම අද (14) සමත්වුණා. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැති එම තරගාවලියේ අවසන් මහා තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 05 කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 32.4 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 106 ක් පමණයි. කෙසේවෙතත්, ඉන්දීය පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ පිලේ සියලුම පිතිකරුවන් ලකුණු 101 කට දැවී ගියා. ඒ, පන්දුවාර 33 ක් තුළදීයි.