Friday, April 26, 2024

General line - 0115112241

චීනයට එරෙහිව හොංකොං හි අදත් විරෝධතා (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂකයන් අද (15) බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය ඉදිරිපිට එක්රැස්වී බ්‍රිතාන්‍ය ජාතික ගීය ගායනා කරමින් 15 වන සතියටද සිය විරෝධතා ව්‍යාපාරයන් දියත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. චීනයේ අතපෙවීම් වල එරෙහිව තමන්ට සහය දක්වන ලෙස බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර බලවතුන්ගේ සහය ලබා දෙන්නැයි ඉල්ලා ඔවුන් අද දින සිය විරෝධතාවයේදී සටන් පාඨ කියමින් සිටියි බවයි වාර්තා වන්නේ.

මේ අතර නීතිවිරෝධී අයුරින් සිදුකරන උද්ඝෝෂණ ව්‍යාපාරයන් සිදුකරන බව පවසමින් හොංකොං පොලිසිය විසින් රසායනික ද්‍රව්‍ය කලවම් කරන ලද " නිල් පැහැති" දියර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම විරෝධතා ව්‍යාපාරයට දහස් ගණනක් විරෝධතාකරුවන් එක්ව සිටිය අතර හොංකොං නගරයේ කඩ සාප්පු පවා වසා දමා තිබුණා. 

පොලිසිය විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයන් හේතුවෙන් විරෝධතාකරුවන් 25 කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. මේ අතර පසුගිය ජුනි මාසයේදී ආරම්භ වූ විරෝධතා ව්‍යාපාරයන්හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 1300 කට අධික පිරිසක් හොංකොං පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.