Saturday, April 27, 2024

General line - 0115112241

බිලියන 02ක අත්තිකාරමක් ගෙවූ සමාගම චීනයෙන් අතුරුදන් වී ඇති බවට ජනපති කළ ප්‍රකාශයට පිළිතුරු

හේමන්ත කහවලගේ




කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ඇලිට් නැමති චීන සමාගමකට 2012 වසරේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැති බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (16) ප‍්‍රකාශයක් සිදු කළා.

ඊට ප‍්‍රතිචාර දක්වමින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ එවකට අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අනූෂ පැල්පිට සිය නිළ ෆෙස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

(එය පහතින් දැක්වේ)

කොළඹ නෙළුම් කුළුණ ඊයේ විවෘත කෙරුණා. කෙසේවෙතත් මහජනතාවට එය විවෘත කෙරෙන්නේ තවත් සතියකින් පසුවයි.