Saturday, April 27, 2024

General line - 0115112241

බුලත්සිංහල සහ අවට ප‍්‍රදේශවලට නිකුත් කෙරුණු නාය යෑමේ අනතුරු ඇගවීම් නිවේදනය දීර්ඝ කෙරේ

සමන්ත කුමාර




බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ ඒ අවට ප‍්‍රදේශවලට නිකුත් කර ඇති නායයෑම් පිළිබද පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ හෙට පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි එම අවදානම් නිවේදනය දීර්ඝ කර ඇති බවයි.

පසුගිය පැය 24 තුළ බුලත්සිංහල සහ අවට ප‍්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් එම අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කළ බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවා.

තවදුරටත් වැසි පවතීනම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පොළව ගිලා බැසීමේ අවදානම් පිළිබද විමසිලිමත් වන ලෙසයි එම සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.