Saturday, April 27, 2024

General line - 0115112241

එජාප අපේක්ෂකයා නම් කරන දිනය මෙන්න

දිනුක් හේවාවිතාරණ




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ලබන සතියේ රැස්වී තීරණය කරනු ලබන බව අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන් වෙත දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හෙට (19 ) දින සවස 6.00 ට පැවැත්වෙන බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.