Friday, April 26, 2024

General line - 0115112241

හදිසි කැබිනට් රැස්වුයේ කාගේ උවමනාවටද කියා හෙළිවුණා : ඇමති තලතා අතුකෝරල

නිහාල්සිරි ගම්ලත්/ සජිත් තිලකරත්න / සිතාරා අතුකෝරල




විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඊයේ (19) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව පිළිබද පාර්ශව රැසක් අද (20) අදහස් පළ කළා. අමාත්‍ය මංගල සමරවීරගේ කොළඹ පිහිටි නිවසේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඒ පිළිබද අදහස් පළ කළේ මෙලෙසයි.

එම මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය තලතා අතුකෝරල කියාසිටියේ ඊයේ දිනයේ හදිසි කැබිනට් රැස්වීමක් කැදවූයේ කාගේ අවශ්‍යතාවකට අනුව දැයි මේ වනවිට හෙළි වී ඇති බවයි.

මේ අතර අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසුවේ ඊයේ පැවති හදිසි කැබිනට් රැස්වීම ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මත කැඳවූවක් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධනද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද අද මාධ්‍ය හමුවක් කැදවමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට හදිසියේ ගෙනආ යෝජනාව සම්බන්ධයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද අද අදහස් දැක්වූවා. 

ඒ කරවනැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින්.