Friday, April 26, 2024

General line - 0115112241

එජාපය අසාර්ථක උත්සාහයක - පොහොට්ටුව කියයි

සමන්ත කුමාර / සජිත් තිලකරත්න




ජනාධිපතිවරණය ජය ගැනීම සදහා එක්සත් ජාතික පක්‍ෂය අසාර්ථක උත්සාහයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසනවා. එක්සත් ජාතික පක්‍ෂයෙන් කුමන අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

අභූත චෝදනා එල්ල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ජයග්‍රහණය වැළැක්වීමටද ආණ්ඩුව අසාර්ථක උත්සාහයක නිරත වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි වැඩිදුරටත් සදහන් කළේ.