Friday, April 26, 2024

General line - 0115112241

නවසීලන්තය, ජයග්‍රහණයකින් ලෝක කුසලාන රග්බි ගමන අරඹයි

කසුන් කැලුම්




රග්බි ලෝක කුසලාන තරඟාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට වත්මන් රග්බි ලෝක ශූරයින් වන නවසීලන්තය අද (21) සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකාව ලකුණු 23 ට 13 ක් ලෙස පරාජය කරමින්. පළමු අර්ධයේදී ලකුණු 17ට 03 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේ ද නවසීලන්තයයි.

ජපානයේ යොකොහමා ජාත්‍යාන්තර ක්‍රීඩාංණයේ පැවති මෙම තරඟය නැරඹීම සඳහා 72,000 කට අධික රග්බි ක්‍රීඩා ලෝලීන් පිරිසක් පැමිණ සිටියා. ඊ කාණ්ඩය යටතේ තරඟ වදින නවසීලන්තය සහභාගී වන මීළඟ තරඟය ලබන ඔක්තෝම්බර් මස දෙවනදා කැනඩාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි. 

මේ අතර, රග්බි ලෝක කුසලාන තරඟාවලියේ අද පැවති තරඟවලින් ජය වාර්තා කිරීමට ඕස්ටේ්‍රලියාව සහ ප්‍රංශය ද සමත් වුණා.