Saturday, April 27, 2024

General line - 0115112241

රග්බි ලෝක කුසලානයේදී ඉතාලිය, නවසීලන්තය අභිබවා ජය

තරංග රුක්ෂාන් ජයසේකර




ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද (22) පැවැති තවත් තරගයකින් ඉතාලි කණ්ඩායම විශිෂ්ඨ ජයක් අත්කර ගත්තා. ඒ, නැමීබියාවට එරෙහිවයි. ලකුණු 47-22 ක් ලෙස ඉතාලියට ජයගෙන දෙමින් අවසන් ලකුණු පුවරුව සටහන් වුණා. තරගය පැවැත්වුණේ බී කාණ්ඩය යටතේයි.

මෙම ජයග්‍රහණයත් සමග නවසීලන්තය ද අභිබවා යමින් බී කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඉතාලිය සමත්ව සිටිනවා. ස්කොට්ලන්තය සමග පැවැති තරගයෙන් අයර්ලන්තය ලකුණු 27-03 ක් ලෙස ජය ගත්තා. ටොංගා රාජ්‍ය පරදවා ලකුණු 03 ට 35 ක් ලෙස විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට ද එංගලන්තය අද සමත්වුණා.