Saturday, April 27, 2024

General line - 0115112241

පාසල් දක්ෂතා වලට වෛර බැඳ දැරියක් පැහැර ගැනීමට දැරූ තැතක් ව්‍යර්ථ වෙයි

තරංග රුක්ෂාන්




කලූතර නාගොඩ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දැරියක් සහ ඇගේ මව පැහැර ගෙන යාමට  සැලසුම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දොඩංගොඩ පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරක් මතයි. දැරිය සහ මව පැහැරගෙන ගොස් මුදල් ලබා ගැනීම සැකකරුවන්ගේ සැලසුම වි තිබුණා.

ඔවුන් සතුව තිබී පොලිස් නිල ඇඳුම් කොටස්, වායු රයිෆලයක්, වෙඩි බෙහෙත්, කඩුවක් සහ මන්නා පිහියක් ද සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන් කලූතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කළා. 

මුලික පොලිස් පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ වයස අවුරුදු 09 ක් වන අදාළ දැරිය නාගොඩ ප‍්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි.

ඇගේ පියා කලූතර නාගොඩ රෝහලේ වෛද්‍යවරයෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.

මීට වසර 02 කට පෙර පැවැත්වූ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයකදී මෙම දැරිය සහතික පත් සහ ත්‍යාග විශාල ප‍්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙන් ඇතිවූ වෛරයක ප‍්‍රතිපලයක් මත මෙම පැහැර ගැනීම සැලසුම් කර ඇති බවයි පොලීසිය කළ වැඩිදුර විමර්ශනයේදී හෙළි කර ගෙන ඇත්තේ.