Saturday, April 27, 2024

General line - 0115112241

තරුණ තරුණියන්ට ප්‍රමුඛත්වය දෙන බව ගෝඨා කියයි

සජිත් තිලකරත්න/තරංග රුක්ෂාන්




තරුණ තරුණියන් වෙනුවෙන් තම පාලන සමයකදී ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ලෝකය සමග තරගකාරී ලෙස ඉදිරියට යාමට නම් තරුණ තරුණියන් වෙනුවෙන් සිදු කරන ආයෝජන ඉතා වැදගත් බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළකළේ හම්බන්තොට ඊයේ පස්වරුවේ පැවැති වියත්මග සමුළුව අමතමින්. 

රටට විදේශ ආයෝජකයින් ගෙන්වීමේදී අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්තිය කුමක්ද යන්න මෙහිදී වඩා වැදගත් වන බව ද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කළා. 
 

 

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තලවිල ශාන්ත ආනා දේවස්ථානයට ගොස් ඊයේ ආශිර්වාද ලබා ගත්තා.