Saturday, April 27, 2024

General line - 0115112241

සජිත් අද ජනපති කොමිසමට

තරංග රුක්ෂාන්




අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දීමට නියමිතයි.

ඒ, නිසි අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන පැමිණිල්ලකට අදාළවයි.

ඒ අනුව අද පෙරවරු 09 ට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටිනු ඇති. 

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලමනාකරණ සහකාර තනතුරු සඳහා අවිධිමත් ලෙස සේවකයින් පිරිසක් බඳවා ගෙන ඇති බවටයි ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

එහි දක්වා ඇති බවට වැඩිදුරටත් වාර්තා වුණේ අදාළ සේවකයින්ගෙන් සියයට 90 කට වැඩි පිරිසක් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පදිංචිකරුවන් බවයි. එම පැමිණිල්ල විභාගයට ගැනීමට කොමිසම ඉකුත් දා තීරණය කළා.