Saturday, April 27, 2024

General line - 0115112241

කෘතිම අතක් නිපදවූ සිසුවාට ඉන්දියාවට යන්න ශිෂ්‍යත්වයක් ලැබෙයි 

දිනසේන රතුගමගේ




ඉලෙක්ට්‍රොනික කෘතිම අතක් නිපදවූ පද්මනාදන් දුෂ්‍යන්තන් සිසුවාට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් විසින් ඊයේ (02) උපහාර උත්සවයක් සංවිධානය කොට තිබුණා.

යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී මහජනතාව ඉදිරියේ උපහාර දැක්වූ ආණ්ඩුකාරවරයා එම ශිෂ්‍යාගේ ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා මුදලින් රුපියල් ලක්ෂ දෙකක්ද පරිත්‍යාග කොට තිබෙනවා.

පර්යේෂණ කටයුතු සහ කෘතිම අත් නිපදවීම පිළිබඳව ඉන්දියාවට ගොස් වැඩිදුර අධ්‍යාපනයක් හැදෑරීම සඳහා මාසයක ශිෂ්‍යත්වයක් ලබා දීමටද ආණ්ඩුකාරවරයා එකඟ වී ඇති බවයි වාර්තා වුණේ.

ආණ්ඩුකාරවරයා මෙම සිසුවාගෙන්, පළාතේ අත් අහිමි වූ ජනතාවට ලබා දීම සඳහා කෘතිම අත් 25ක් නිපදවන ලෙස ඉල්ලීමක්ද කොට තිබෙනවා.

මුලතිව් මල්ලාවී ගම්මානයේ පචිංදි ඔහු මොරටුව සරසවියේ සිසුවෙකු වනවා.