Saturday, April 27, 2024

General line - 0115112241

ශ‍්‍රීලනිපයේ යෝජනා 03කට පොහොට්ටුවේ එකගතාව

හේමන්ත කහවලගේ




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පෙරමුණ වෙත යෝජනා 03 ක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එක් යෝජනාවක් වන්නේ ඉදිරි මහමැතිවරණයට තරගවැදීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට නාමයෝජනා ලබාදිය යුතු බවයි.

සිය පක්ෂයේ් දක්ෂ ආසන සංවිධායකවරුන්ට ද ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා ලබාදිය යුතු බවටයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහිදී යෝජනා කර ඇත්තේ.

එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්ට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට ද එකඟතාව පළකළ යුතු බවටද යෝජනාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ඉදිරිපත් කර තිබෙනවා. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේවනවිට එකඟතාව පළකර ඇති බවයි වාර්තා වන්නේ. යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ඉදිරියේදී සංශෝධන සිදු කෙරනු ඇති බව ද වාර්තා වනවා. 

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර සාකච්ඡාවක් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ඉකුත් දා පැවැත්වුණා. 

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් සිය ඉල්ලීම් පිළිබඳ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් හමුවේ කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.