Friday, April 26, 2024

General line - 0115112241

පූජිත් සහ හේමසිරි 23 වනදා තෙක් රිමාන්ඞ්

දිනුක් හේවාවිතාරණ / අධිකරණ වාර්තාකරු




හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මේ මස 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (09) නියෝග කළා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණය අද නිකුත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගයට අනුවයි. පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා ඇප මත මුදා හරිමින් නිකුත් කර තිබූ නියෝගය අත්හිටුවීමටයි කොළඹ මහාධිකරණය අද නියෝග කළේ.

..............................................................

පූජිත් සහ හේමසිරිව බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගනී (UPDATE)

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුව බන්ධනාගාර නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

උසාවි පරිශ්‍රයේදී ඔවුන් දෙදෙනාව මෙලෙස බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ. මේ වන විට ඔවුන් දෙදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවද වාර්තා වුණා.

------------------------------

පූජිත් සහ හේමසිරි වහාම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නැයි නියෝග

(09-10-2019 11:57)

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිකුත් කළ නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද (09) නියෝග කළා.

ඒ අනුව ඇප අවලංගු කිරීම හේතුවෙන් අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි පොලිසියට නියෝග කර ඇත්තේ.

 නීතිපතිවරයා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.