Friday, April 26, 2024

General line - 0115112241

ලොව දීර්ඝතම ගුවන් ගමන වෙනුවෙන් විශේෂ පරීක්ෂණයක්




ලොව දීර්ඝතම ගුවන් ගමන වෙනුවෙන් විශේෂ අත්හදා බැලීමේ චාරිකාවක් සිදු කර තිබෙනවා. ඒ, එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ඕස්ට්‍රේලියාවේ සිඞ්නි නුවර දක්වායි. එම ගුවන් ගමන සඳහා ගත වී ඇති සම්පූර්ණ කාලය පැය 19 යි විනාඩි 16 ක්.

මෙම අත්හදා බැලීමේ චාරිකාව සඳහා කාර්යය මණ්ඩලය ඇතුලු 49 දෙනෙකු සහභාගී වුණා. අතරමග නතර කිරීමකින් තොරව අඛණ්ඩව සිදු කිරීමට අපේක්ෂා කරන මෙම ගුවන් ගමන, නියමුවන්ට, කාර්යය මණ්ඩලයට සහ මගීන්ට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂා කර බැලීම මෙම චාරිකාවේ අරමුණයි.