Saturday, April 27, 2024

General line - 0115112241

ලාහෝර් සිද්ධියෙන් පසු සංගක්කාර පළමු වරට පාකිස්ථානයට යන්න සූදානම් වෙයි




ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී වසර 10 කට පසු ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර පළමුවරට පාකිස්තානයේ සංචාරයකට සූදානම් වනවා.

ප‍්‍රහාරයට ලක්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි සංගක්කාර කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගන්නා තෙක්ම පාකිස්තානයේ සංචාරයකට සහභාගී වී නැහැ.

මෙවර ඔහු පාකිස්තානයට යාමට සූදානම් වන්නේ MCC කී‍්‍රඩා සමාජයේ සභාපතිවරයා ලෙසයි. ඒ, පාකිස්තානය තුළ ජාත්‍යන්තර කි‍්‍රකට් තරග පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ සොයාබැලීමේ අරමුණින්. 

කුමාර් සංගක්කාර පවසන්නේ ඉකුත් දා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම පාකිස්තානයේ කළ සංචාරය ඉතා සාර්ථක එකක් බවයි. එහි ආරක්ෂාව මෙන්ම පහසුකම් සම්බන්ධයෙන් ද සතුටට පත්වන බව සංගක්කාර ප‍්‍රකාශ කර තිබෙනවා.