Saturday, April 27, 2024

General line - 0115112241

අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මතයි




ලබන වසරේ පළමු මාස 4 සදහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.

ඊට අනුව ලබන වසරේ මුල් මාස 4 සදහා රජයේ අපේක්‍ෂිත වියදම රුපියල් බිලියන 1,474 ක්. අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර.
 

විපක්‍ෂය වෙනුවෙන් විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙලෙස අදහස් පළ කළා.
 

මේ අතර 8 වන පාර්ලිමේන්තුවේ 3 වන සැසි වාරයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ 3 වන වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ, කමිටු සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති විසින්.
 

ඊට විසදුමක් ලෙස කෝප් කාරක සභාවේ කටයුතු නිරීක්‍ෂණය සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැදවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති මෙහිදී ඉල්ලා සිටියේ.