Friday, April 26, 2024

General line - 0115112241

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු තුනක් අද පිටියට




චීනයේ පැවැත්වෙන 7 වන ලෝක ආරක්‍ෂක කී‍්‍රඩා උළලේ මලල කී‍්‍රඩා අවසන් තරග 3 කට ශී‍්‍ර ලංකාව අද එක් වනවා. නිමාලි ලියනාරච්චි සහභාගි වන මීටර් 1,500 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයද අද පැවැත්වීමට නියමිතයි. 

නදීකා ලක්මාලි සහභාගි වන කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වේ අවසන් තරගයද අද පැවැත්වෙනු ඇති. විදූෂා ලක්ෂානි කාන්තා තුන්පිම්ම ඉසව්වේ අවසන් තරගයටද අද එක් වනවා.

මේ අතර මෙවර ලෝක ආරක්‍ෂක කී‍්‍රඩා උළලේ පදක්කම් දෙකක් දිනූ ශී‍්‍ර ලංකාව මේ වනවිට එම සටහනේ පසුවන්නේ 19 වන ස්ථානයේයි. ඒ, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්. 

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වට එක් වූ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නිමාලි ලියනාරච්චි මෙවර ලෝක ආරක්‍ෂක කී‍්‍රඩා උළලේදී ශී‍්‍ර ලංකාවට රිදී පදක්කමක් දිනා දුන්නා. 

ශී‍්‍ර ලංකා යුද හමුදාව නියෝජනය කළ සුමේධ රණසිංහ මෙහිදි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. මෙවර 7 වන ලෝක ආරක්‍ෂක කී‍්‍රඩා උළලේ පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන්නේ සත්කාරක චීනයයි. 

ඔවුන් රන් පදක්කම් 6 ක් සහ රිදී පදක්කම් 5 ක් මේ වනවිට දිනා සිටිනවා.