Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා දෙවන තරගය අද




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20 යි 20 තරගය අද (30) පැවැත්වෙනවා. ඒ, බි‍්‍රස්බේන් හිදීයි.

තරග 03 කින් සමන්විත තරගාවලිය 1 ට 0 ක් ලෙස දැනටමත් ඕස්ටේ‍්‍රලියාව පෙරමුණේ පසුවනවා. පළමු තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව වාර්තාගත ජයග‍්‍රහණයක් ලබා ගත්තා.

එබැවින් තරගාලවලියේ ජයග‍්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව අද තරගය ජයගත යුතුයි. 

මේ අතර ලොව අංක එකේ එක්දින තුන් ඉරියව් කී‍්‍රඩකයා වන ශකීබ් අල් හසන්ට වසර 02 ක සියලු ආකාරයේ කි‍්‍රකට් තරග තහනමක් පනවා තිබෙනවා. ඒ, තැරැව්කරුවන් විසින් තරග පාවාදීම්වලට ඔහු සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සහයක් පිළිබඳ තොරතුරු හෙළි නොකිරීම හේතුවෙන්.