Friday, April 26, 2024

General line - 0115112241

චන්ද්‍රිකා සහ එජාපෙ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද




එක්සත් ජාතික පෙරමුණ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය අද අවබෝධතා ගිවිසුමකට එළඹෙනවා. 

ඊට අත්සන් තැබීම අද සිදු කෙරෙන්නේ කොළඹ ප‍්‍රධාන පෙළේ හෝටලයකදීයි. එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම එක්සත් ජාතික පක්‍ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි. 

එම අවස්ථාවට නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියළුම පක්‍ෂ නායකයින්ද සහභාගිවීමට නියමිතව තිබෙනවා.