Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට රටවල් තුනක් සමග තරග වැදී සුදුසුකම් ලබා ගැනීමට වෙයි




ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකාව තරග වැදිය යුතු රටවල් මේ වනවිට ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ශී‍්‍ර ලංකාව අයර්ලන්තය, පැපුවා නිව්ගිනියාව සහ  ඕමානය සමග තරග වැදිය යුතුයි.

ශී‍්‍ර ලංකාව සහභාගී වන පළමු තරගය ලබන වසරේ ඔක්තෝම්බර් 18 වැනිදා අයර්ලන්තය සමග පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකාව මෙහිදී තරග වදින්නේ A කාණ්ඩය යටතේයි. එම කාණ්ඩයෙන් රටවල් 02 ක් පමණක් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගනු ඇති.

ශී‍්‍ර ලංකාවට අමතරව බංග්ලාදේශයට ද මෙලෙසම සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. 

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ  ඕස්ටේ‍්‍රලියාවේදී ආරම්භවීමට නියමිතයි.