Friday, April 26, 2024

General line - 0115112241

අබුඩාබිහි පැවැත්වෙන T 10 තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් 15 ක්




අබුඩාබිහි පැවැත්වෙන T 10 තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් 15 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

ඒ අතරට ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, නුවන් ප‍්‍රදීප් සහ නිරෝෂන් දික්වැල්ල ද අයත්.

මීට අමතරව පකිස්තාන තරගාවලියේ දක්ෂතා දැක්වූ ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ ද තරගාවලියට එක්කර ගෙන තිබෙනවා.

මලින්ද පුෂ්පකුමාර මෙන්ම ශ‍්‍රී ලංකා පිලට මෑතකදී එක් නොවූ දුෂ්මන්ත චමීර සහ අසේල ගුණරත්න ද තරගාවලියට තෝරාගෙන තිබීම විශේෂත්වයක්.

නවක කී‍්‍රඩකයින් වන කෙවින් කොත්තිගොඩ හා ප‍්‍රභාත් ජයසූරිය ද තරගාවලියට සහභාගීවීමට නියමිතයි.

එක් කණ්ඩායමකට පන්දුවාර 10 ක් බැගින් හිමිවන T 10 තරගාවලිය නොවැම්බර් 14 වනදා ආරම්භ වනවා.