Saturday, April 27, 2024

General line - 0115112241

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි




දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් හෙට (09) උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බුල් බුල් චණ්ඩ සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන් කර, ඉන්දියාවේ බටහිර බෙංගාල සහ බංගලාදේශ වෙරළ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.