Saturday, April 27, 2024

General line - 0115112241

පොලිස් අණ නොතකා ලොරි රථයක් ධාවනය වෙයි - පසුපසින් පැමිණි කැබ් රථයෙන් පොලිසියට මුදල් දිගු කරයි




පොලිස් මාර්ග බාධකයක් අසළදී නතර කරන ලෙසට සිදු කරන ලද සංඥා කිරීම නොසළකා ලොරි රථයක් ධාවනය වී ඇති අතර ඒත් සමගම ඒ අසළට පැමිණි කැබ් රථයක් අදාළ ලොරි රථයේ ගමන් කළේ තමන්ගේ පිරිසක් බව පවසමින් පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට උත්සහ කර තිබෙනවා.

ඊයේ (09) අළුයම 4.00 සිට 6.00 දක්වා දංකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් කටුකෙන්ද හංදියේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටිය දී නාන්තන්ඩිය දෙස සිට මීගමුව දෙසට අදාළ ලොරි රථය නොනවත්වා ධාවනය වී තිබුණා.

පසුව පැමිණි කැබ් රථයේ සිටි පිරිස පවසා ඇත්තේ අදාළ ලොරි රථයේ ගවයින් ප්‍රවාහනය කරමින් ඇති බවයි. ඒ බව පවසා පොලිස් නිලධාරීන් වෙත රුපියල් 500යේ නෝට්ටු 2ක් අල්ලස් වශයෙන් ලබා දීමට යාමේදී අදාළ සැකකරුවන් දෙදෙනාව මුදල් සහ කැබ් රථයද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 22 හා 25 යන වයස්වල පසුවන්නන්. පලා යන ලද ලොරි රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ සිදු කෙරෙනවා.