Friday, April 26, 2024

General line - 0115112241

පුවක් ගසේ කොළපොතෙන් වැඩදායි නිර්මාණයක් කරන තරුණයා (PHOTOS)




කිසිවෙකුගේ නෙත් නොගැටී අපතේ යන පුවක් ගසෙන් හැලෙන කොළපොත පරිසර හිතකාමී ආර්ථික නිෂ්පාදනයක් සදහා යොදා ගන්නා දිරිය තරුණයෙකු පිළිබද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඇඹිලිපිටියේ පදිංචිකරුවෙකු වන ඔහු නදීක ප්‍රියදර්ශනයි. පුවක් ගසෙන් හැලෙන කොළපොත අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන ඔහු විසින් කෑම පෙට්ටි, පිගන් සහ තවත් නිෂ්පාදන කිහිපයක් 
මේ වනවිටත් සිදුකරමින් සිටිනවා.

ආහාර අසුරණයක් ලෙස කොළපොත අතීතයේදීද භාවිතයට ගෙන ඇතැයි නදීක ප්‍රියදර්ශන කියාසිටියා.

විදේශීය ආනයනික නිෂ්පාදන මත යැපෙනවා වෙනුවට ස්වභාවික සම්පත් සහ අතීත භාවිතයන් ඇසුරෙන් ස්වදේශීය නිෂ්පාදන සදහා යොමුවිය හැකි නම් ජාතියක් ලෙස වඩා සවිමත්ව නැගී සිටීමට ශ්‍රී ලංකාවට ඕනෑ තරම් හැකියාව තිබෙන බවද මෙහිදී විස්තර කෙරුණා. කිසියම් නිෂ්පාදනයක් සිදු කිරීමේදී එයින් පරිසරයට සිදුවිය හැකි බලපෑම පිළිබද විමසිලිමත්වීමද වඩා වැදගත් බවයි නදීක ප්‍රියදර්ශන පෙන්වා දුන්නේ.