Friday, April 26, 2024

General line - 0115112241

ගෝඨාභයට එරෙහිව ක්‍රියාත්මක 'මානසික මෙහෙයුමක්' ගැනත් හෙළිකරයි




ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව දිගින් දිගටම මඩ ප‍්‍රහාර එල්ල වෙමින් ඇතැයි ජාතික වියත් පවුර සංවිධානය පවසනවා. එහි ජාතික සංවිධායක දිනේෂ් වික‍්‍රමසිංහ පැවසුවේ ජනතාව ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතු සමයක් දැන් උදාවී ඇති බවයි. 

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහි මානසික මෙහෙයුමක් ද කි‍්‍රයාත්මක බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

ජාතික වියත් පවුර සංවිධානයේ ජාතික සංවිධායක දිනේෂ් වික‍්‍රමසිංහ මෙම අදහස් පළ කළේ කොළඹ අද (11) පැවැති මාධ්‍ය හමුවකදීයි.