Saturday, April 27, 2024

General line - 0115112241

ලොව හොදම T 20 පන්දු යවන්නන් දස දෙනා අතර දග පන්දු යවන්නන් අටක්




නවතම පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ හොදම පන්දු යවන්නන් 10දෙනා අතරට දග පන්දු යවන්නන් 08 දෙනෙකු තේරීපත්ව තිබෙනවා.

පළමු ස්ථානය ඇෆ්ගනිස්ථානයේ රශීඩ් ඛාන්ට හිමිවූ අතර දෙවන ස්ථානය නවසීලන්තයේ මිචෙල් සැන්ට්නර් හට හිමි වුණා.

තුන්වන ස්ථානය පකිස්ථානයේ ඉමාඩ් වශිම්ට හිමි වු අතර හතරවන ස්ථානය හිමිව ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවේ ඇඩම් ෂම්පාටයි.

පකිස්ථානයේ ශඩාබ් ඛාන්, එංගලන්තයේ අඩිල් රශීඩ්, ඇෆ්ගනිස්ථානයේ මුජීබ් උර් රෙහෙමාන්, ඔස්ටේ‍්‍රලියාවේ ඇස්ටන් ආගර් ද හොදම පන්දු යවන්නන් 10 දෙනා අතර සිටින දග පන්දු යවන්නන්.

ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අයත් වේගපන්දු යවන්නන් දෙදෙනා වන්නේ 06වන ස්ථානයේ සිටින දකුණු අපි‍්‍රකාවේ ඇඞ්ල් පෙලූක්වායෝ සහ 10වන ස්ථානයේ සිටින එංගලන්තයේ කි‍්‍රස් ජොර්ඩන්.