Saturday, April 27, 2024

General line - 0115112241

ජිහාඩ් සන්නද්ධ අංශ නායකයෙක් ඊශ්‍රායෙල් ප්‍රහාරයකින් මරුට (PHOTOS / VIDEO)




ඊශ්‍රායෙලය විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් පලස්තීනයේ ජේෂ්ඨ ඉස්ලාමිය සන්නද්ධ අංශ නායකයෙක් වන Bahaa Abu el-Atta ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්‍රායාලය ඉලක්ක කර ගනිමින් පලස්තීනය විසින් සිදුකරන රොකට් ප්‍රහාරයන් සඳහා මුලික වශයෙන් මෙම සන්නද්ධ අංශ නායකයා වගකිව යුතු බවයි සඳහන් වන්නේ.

Bahaa Abu el-Atta ජිවත් වූ ගාසා තිරයේ පිහිටි තට්ටු 03 කින් යුත් නිවෙස ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායෙල් ගුවන් හමුදා ප්‍රහාරක යානා විසින් අද අලුයම් කාලයේදී සිදුකළ මෙහෙයුමකින් ඔහු සහ ඔහුගේ බිරිඳ ජිවිතක්ෂයට පත්ව ඇති අතර නිවසේ සිටි දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

සිය නායකයාගේ මරණය වෙනුවෙන් පලි ගන්නා බවට ඉස්ලාමිය ජිහාඩ් සංවිධානය අනතුරු අඟවා සිටිනවා.

ගාසා තිරයේ පිහිටි ජිහාඩ් ඉලක්ක වෙත ඊශ්‍රායෙල් හමුදාවන් විසින් සිදුකරන ප්‍රහාර පසුගිය දින දෙකක කාලය සිට වැඩිකර තිබෙනවා. ඒ ඔවුන්ගේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස Naftali Bennet පත් කිරීමත් සමගයි.