Saturday, April 27, 2024

General line - 0115112241

"ඇතැමුන් කරන ප්‍රකාශවල වෛරී ලක්ෂණ දැකිය හැකියි"




ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සොයා බැලීමකින් තොරව ඇතැමුන් සිදු කරන ප‍්‍රකාශවල වෛරී ලක්ෂණ දැකිය හැකි බව ජනාධිපති නීතිඥ මනුර ගුණවංශ පවසනවා.

එවැනි ප‍්‍රකාශ ජනතාව නොමග යැවීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන අපහාසාත්මක ප‍්‍රකාශවලට එරෙහිව කි‍්‍රයාමාර්ග ගත හැකි නීති සම්පාදනය විය යුතු බව ද ජනාධිපති නීතිඥ මනුර ගුණවංශ වැඩිදුරටත් පෙන්වා දුන්නා.