Wednesday, May 8, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට ඡන්ද දෙන්න වතුකරයට ගිය ජනතාව අසිරුතාවක




ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට වතුකරයට පැමිණි ජනතාවගෙන් කොළඹ දක්වා ගමන් කරන පෞද්ගලික බස් රථ සේවකයින් අධික මුදලක් අය කරන බවට චෝදනා එල්ල වනවා. 

කොළඹ දක්වා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ නියමිත ගාස්තුවට වඩා අධික මුදලක් අය කරන බවයි වතුකරයේ ජනතාව චෝදනා කරන්නේ. 

ධාවනයට ප්‍රමාණවත් ලංගම බස් රථ නොමැතිවීමෙන් පෞද්ගලික බස් රථ සේවකයින් වතුකරයේ ජනතාවගෙන් මෙලෙස අධික මුදලක් අය කරන බව හැටන් ලංගම බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුවන්ද කියාසිටියා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ ස්ථාන භාර නිලධාරීවරයා සදහන් කළේ අධික මුදලක් අය කරන පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් තමන් වෙත දැනුම් දෙන ලෙස මගීන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.