Friday, April 26, 2024

General line - 0115112241

"අගමැති ධූරයෙන් ඉවත් වෙන්න රනිල් කොන්දේසි ගෙනාවා"




අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා.

එහෙත් එවැනි කොන්දේසි සඳහා එකඟ විය නොහැකි බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්‍ෂය ලෙස කටයුතු කළ සෙසු පක්‍ෂවල නායකයින් අතර සාකච්ඡාවක් ඊයේ (19) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණා.

එහෙත් නොවැලැක්විය හැකි අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් නිසා එම සාකච්ඡාව ඊයේ රාති‍්‍රයේ නොපැවැත්වුණු බවයි වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.