Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකානු සහ ජපන් තානාපතිවරු ජනපති හමුවෙයි (PHOTOS)




ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් මහත්මිය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදි.

අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි මෙහෙයුම් මාර්ටින් කෙලී, දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලී මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර ශ්‍රි ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා ඇතුළු නිලධාරින් කිහිප දෙනෙක් ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා මුණගැසි සුහද කථා බහක නිරතවුවා.