Saturday, April 27, 2024

General line - 0115112241

ලක්ෂ 3ක ඉරණම තීන්දු කරමින් උසස් පෙළ අද සිට




2016 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය අද (02) ආරම්භ වනවා.

රටපුරා මධ්‍යස්ථාන 2204කදී අයදුම්කරුවන් තුන්ලක්ෂ පහලොස් දහස් හයසිය පස්දෙනෙකු ඊට පෙනී සිටීමට නියමිතයි.

පාසල් අයදුම්කරුවන් ගණන දෙලක්ෂ හතළිස් දහස් හාරසිය අනූ එකක්. පෞද්ගලික අයදුම්කරුවන් ගණන හැත්තෑ හතරදහස් හයසිය දහ හතරක් වනවා.

සියලු අයදුම්කරුවන් විභාගය ආරම්භ කිරීමට පැය භාගයකටවත් පෙර නියමිත විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර පවසන්නේ.