Friday, April 26, 2024

General line - 0115112241

වාර අවසාන කළ පාර්ලිමේන්තුව මසක් කල්දැමීම ඩීල් එකක්දැයි සජිත් පිලට සැක




පාර්ලිමේන්තුවේ වාර අවසාන කර යළි රැස්වන දිනය මාසයක් කල් දැමීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද විරෝධය පළ කළා. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් වැඩිදුරටත් පැවසුවේ මෙය තවත් දේශපාලන ඩීල් එකක්දැයි ද, සැක උපදින බවයි. 

මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන ද මේ නිසා යටපත්වීමට ඉඩතිබෙන බව මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවසුවා. 

වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන වසරේ ජනවාරි මස 03වනදා යළි රැස්වීමට දින නියම කර තිබෙනවා. අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ ඊයේ රාත්‍රියේයි.