Saturday, April 27, 2024

General line - 0115112241

සාග් ගිය ශී‍්‍ර ලංකාවේ පිරිසකට ඩෙංගු - ආදේශ කළ කී‍්‍රඩිකාවන් තුන් දෙනෙකු රන් පදක්කම් දිනයි




නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට එක්ව සිටින ශී‍්‍ර ලංකා කී‍්‍රඩක - කී‍්‍රඩිකාවන් සිව් දෙනෙකු ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

කත්මන්ඩු නුවර සිට නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් කී‍්‍රඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ලාල් ඒකනායක කියා සිටියේ ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි.

කෙසේ වෙතත් ඩෙංගු සහ ආබාධවලට ලක් වූ මළල කී‍්‍රඩිකාවන් වෙනුවට ආදේශ කළ කී‍්‍රඩිකාවන් තිදෙනෙකුම මෙවර රන් පදක්කම් දිනා ගැනීමට සමත් වීම කැපී පෙනුණා. ඩෙංගු රෝගයෙන් පීඩා විදින නදීෂා රාමනායක වෙනුවට මීටර් 400 කාන්තා ධාවන ඉසව්ව සදහා ආදේශ කළ ඩිල්ෂි කුමාරසිංහ අද එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

එමෙන්ම, උණ රෝගය වැළදීම හේතුවෙන් දුර පැනීමේ ඉසව්වට සහභාගී නොවූ විදූෂා ලක්ෂානි වෙනුවට ආදේශ කළ සාරංගි සිල්වා එහිදී රන් පදක්කම දිනා ගැනීම ද විශේෂත්වයක්.

මෙරටදී හදිසි රිය අනතුරකට ලක් වූ නිමාලි ලියනාරච්චි වෙනුවට මීටර් 1500 කාන්තා ධාවන ඉසව්ව සදහා ආදේශ කළ නිලානි රත්නායක එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම ද කැපී පෙනුණා. 

මේ අතර, අද පැවති මීටර් 800 ධාවන ඉසව්වෙන් රන් සහ රිදී පදක්කම් දෙකම දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. අරුණ දර්ශන එහි රන් පදක්කම දිනා ගත් අතර පි‍්‍රයන්ත ලක්මාල් එහි රිදී පදක්කම දිනා ගත්තා. 

අද පැවති තුන් පිම්ම කාන්තා ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දිනා ගත්තේ ද ශී‍්‍ර ලංකාවයි. එහිදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළ හර්ෂණී ප‍්‍රබෝධා රන් පදක්කම දිනා ගත් අතර විදූෂා ලක්ෂානි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.