Saturday, April 27, 2024

General line - 0115112241

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි තීන්දුව දේශපාලන පෙළඹවීමක් - විදේශ සබඳතා අමාත්‍යාංශය කියයි




බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද හිමි බවත් ඔහුට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණය දුන් තීන්දුව දේශපාලන පෙළඹවීමක් මත සිදු වූවක් බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා. බ්‍රිතාන්‍යයේ LTTE හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදු කිරීමේ චෝදනාවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කරමින් ලන්ඩනයේ වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට පවුම් 2400 ක දඩයක් ද නියම කළා. 

අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ප්‍රකාශ කළේ එම දඩ මුදල රජය විසින් ගෙවිය යුතු බවයි.