Saturday, April 27, 2024

General line - 0115112241

ඉවත්වී නොමැති රාජ්‍ය ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩල වෙත යළි දැනුම්දීමක්




මෙතෙක් ඉවත්වී නොමැති රාජ්‍ය ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්ට එම තනතුරුවලින් ඉවත්වන්නැයි ආණ්ඩුව යළි දැනුම්දීමක් කරනවා.

ජනාධිපතිවරයා ඉකුත් දා දැනුම් දුන්නේ රාජ්‍ය ආයතනවල මෙන්ම සංස්ථාපිත මණ්ඩලවල අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්ට ද එම තනතුරුවලින් ඉවත් වන ලෙසයි. සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ අධ්‍යක්‍ෂ මණ්ඩලවලින් ඉවත් නොවූ පිරිස් තවදුරටත් රාජ්‍ය ආයතනවල සිටින බවයි. 

රාජ්‍ය ආයතන පාඩු ලැබීමට හේතුව මෙන්ම ඒවා ලාභ ලබන තත්ත්වයට පත්කල හැකි නව අධ්‍යක්‍ෂ මණ්ඩලයක් ඉදිරියේදී පත් කරන බව ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා සුදුසුකම් සහිත ඕනෑම පුරවැසියෙකුට අයදුම් කිරීමේ අවස්ථාව ආණ්ඩුව විසින් ඉකුත් දා ලබා දුන්නා. ඒ සඳහා සය පුද්ගල කමිටුවක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් දා පත් කරනු ලැබුවා.