Friday, April 26, 2024

General line - 0115112241

සුරංග ලක්මාල් ඉවතට - වේග පන්දු යවන යොවුන් ක්‍රීඩකයෙක් ඇතුළට




ශ‍්‍රී ලංකාවේ වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් පකිස්තානු ටෙස්ට් තරග සංචාරයෙන් ඉවත් කර තිබෙනවා. 

ඒ ඩෙංගු උණ රෝගය වැළඳීම හේතුවෙන් බවයි වාර්තා වුණේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ස්ලාමාබාද් නුවරට ඊයේ (09) ළගා වූ අතර ඩෙංගු උණ වැලඳී තිබීම හේතුවෙන් සුරංග ලක්මාල් මෙම සංචාරයට එක්වූයේ නැහැ.

සුරංග ලක්මාල් වෙනුවට යොවුන් වේග පන්දු යවන කී‍්‍රඩක අසිත ප‍්‍රනාන්දු, ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා. 

2009 වසරේදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළට පාකිස්තානයේ ලාහෝ්ර් නුවරදී එල්ල වුණු ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු එරට පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය මෙයයි.

එම ප‍්‍රහාරයේ ඉලක්කය වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිටි දැනට කී‍්‍රඩා කරන එකම කී‍්‍රඩකයා වන්නේ සුරංග ලක්මාල්. තරග 02 කින් සමන්විත ශ‍්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය රාවල්පින්ඩිහිදී හෙට (11) ආරම්භවීමට නියමිතයි.