Saturday, April 27, 2024

General line - 0115112241

කාසියේ වාසිය ලංකාවට




ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද (11) ආරම්භ වුණා.

ඒ, රාවල්පින්ඩි නුවරදීයි.

දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට 2009 වසරේදී ලාහෝර් නුවරදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවීමෙන් පසු පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

එම ප‍්‍රහාරයෙන් පසුව පාකිස්තානය සත්කාරත්වය දැරූ සිය ටෙස්ට් තරග එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි, අබුඩාබි සහ සාජා යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වුණා. 

අද ආරම්භ වන ඓතිහාසික ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකා පිලේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරනවා. ශී‍්‍ර ලංකා පිළේ නව පුහුණුකරු වන මිකී ආතර් මීට පෙර පාකිස්තානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස වසර තුනක් කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.

ශී‍්‍ර ලංකා පිල මේ වනවිට ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ පසුවන අතර පාකිස්තානය 8 වන ස්ථානයේ පසු වනවා.