Friday, April 26, 2024

General line - 0115112241

ස්විස් නාටකයේ සැගවුණු අරමුණු විදේශ ඇමති හෙළි කරයි




ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක් පැහැර ගැණුනු බවට ප‍්‍රකාශ කෙරුණු සිද්ධිය පිටුපස, රට සහ රජය අපහසුතාවයට පත් කිරීමේ උත්සාහයක් තිබුණු බව විදේශ සබදතා, නිපුණතා සංවර්ධන රැකිරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
 

මේ අතර නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් සහ ඒවායෙහි කාර්යයන් ඇතුළත් කරමින් ඊයේ නිකුත් කෙරුණු ගැසට් නිවේදනය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා.

ආරක්‍ෂක විෂයභාර කැබිනට් අමාත්‍යවරයාගේ වගකීම පැවරෙන්නේ කාටදැයි මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.
 

රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්තගෙන්ද මාධ්‍යවේදීන් ඒ පිළිබද ප‍්‍රශ්න කළා.