Friday, April 26, 2024

General line - 0115112241

ජෙනරාල් දයා රත්නායකට සභාපති පුටුවක්




ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව ජෙනරාල් දයා රත්නායක එම තනතුර සඳහා පත් කර ඇති බවයි වාර්තා වුණේ.

ජෙනරාල් දයා රත්නායක ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 20 වන හමුදාපතිවරයායි. 2013 වසරේ අගෝස්තු 15 වැනිදා සිට 2015 වසරේ පෙබරවාරි 21 වැනිදා දක්වා ඔහු යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළා.