Friday, April 26, 2024

General line - 0115112241

තිසර, බංග්ලාදේශයේදී වැඩ පෙන්වයි




බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වීමට ඩකා ප්ලැටූන් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා සමත් වුණා. ඒ, දසුන් ශානක නායකත්වය දැරූ කොමිල්ලා වෝරියර්ස් කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරඟයේදී තිසර පෙරේරා පන්දු 17 කදී නොදැවී ලකුණු 42 ක් සහ පන්දු යැවීමේදී ලකුණු 30 කට කඩුලු 05 ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා. මෙම තරඟයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කළේ ද තිසර පෙරේරා නියෝජනය කළ ඩකා ප්ලැටූන් කණ්ඩායමයි. තරඟයේ වීරයා සම්මානය තිසර පෙරේරාට හිමි වුණා.