Saturday, April 27, 2024

General line - 0115112241

ළමා නිවාසයක දරුවන්ට විරාත් කෝලි දුන් අපූරු නත්තල් තෑග්ග (VIDEO)




ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක විරාත් කෝලි, කොල්කටා නුවර පිහිටි ළමා නිවාසයක වෙසෙන දරුවන් වෙනුවෙන් සිදුකළ අපූරු කි‍්‍රයාවක් බොහෝදෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

මෙහිදී විරාත් කෝලි නත්තල් සීයාගේ ඇඳුමින් සැරසී තෑගි භෝග රැගෙන එම ළමා නිවාසයට පැමිණ ඇත්තේ කිසිවෙකුට තමන් කවුරුන්ද යන්න නොදැනෙන ලෙසයි.

එහිදී එම ළමා නිවාසයේ සිටි දරුවන් සතුටු කළ විරාත් කෝලි ඔහු එම දරුවන්ගෙන් විමසා ඇත්තේ විරාත් කෝලි හමුවීමට අවශ්‍යද යන්නයි.

එහිදී තමන් පැළඳ සිටි රැවුල සහ හිස් වැසුම ඉවත් කරමින් විරාත් කෝලි, ළමා නිවාසයේ සිටි දරුවන් සහ සෙසු පිරිස මවිත කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ.

විරාත් කෝලි ළමා නිවාසයක වෙසෙන දරුවන් වෙනුවෙන් සිදු කළ මෙම අපූරු කි‍්‍රයාව ඇතුළත් වීඩියෝව පහතින් නැරඹිය හැකියි.