Friday, April 26, 2024

General line - 0115112241

සැළසුම්වලින් පිට සෙල්ලම් කරන ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙත පුහුණුකරු ඇඟිල්ල දිගු කරයි




පාකිස්තානු දෙවෙනි ඉනිමේදී ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් සැලසුම් සහගතව සිය කාර්යය ඉටුනොකළ බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු රුමේෂ් රත්නායක පවසනවා. තරගයේ තෙවද දිනය නිමාවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

මේ අතර සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (22) සිව්වන දිනයයි. ඊයේ (21) දිනය නිමාවන විට පාකිස්තානු කණ්ඩායම කඩුුළු 02ක් දැවී ලකුණු 395 ක් රැස්කරමින් ප‍්‍රබල ස්ථානයක පසුවුණා.

එහිදී පාකිස්තානු ආරම්භක පිතිකරුවන් යුගල වන ශාන් මසූද් සහ අබීඞ් අලී ශතක වාර්තා කළ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට එක්කළ ලකුණු සබඳතාව 278 ක්. 

පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු ටෙස්ට් ඉනිමක පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා. පාකිස්තානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 191 ක් රැස්කළ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊට පිළිතුරු ලෙස පළමු ඉනිම සඳහා ලකුණු 271 ක් රැස් කළා. ඒ අනුව පාකිස්තානු කණ්ඩායම ශ‍්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුළු 08 ක් අතැතිව ලකුණු 315 ක් ඉදිරියෙන් පසුවනවා.

තරගය පැවැත්වෙන්නේ කරච්චි ජාතික කී‍්‍රඩාංගනයේදීයි.